Join To TelegramChannel Join Now..!

Ultimate avengers - 2 - Sinhala Dubbed [ සිංහල හඩකැවූ ] - 720P HD

 

2006 ‧ Action/Sci-fi ‧ 1h 14m

    


Trailer

Description

2006 දී Ultimate Avengers II ලෙස නිකුත් වූ මෙම සිනමාපටයේ පළමු කොටස Ultimate Avengers - 1 - (2006) බලපු නැති අයට අපේ වෙබ් අඩවියෙන් ලබා ගන්න පුලුවන්. මෙම සිත්තම 6.6ක් වැනි IMDb අගයක් ලබා සමත් වෙලා තියෙනවා. Fantacy/Adventure යන කාණ්ඩ වලට තමයි මේක වර්ගීකරණය කරලා තියෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Will Mengnoit හා Dick Sebast නම් අධ්‍යක්ෂවරුයි.

පලමු චිත්‍රපටය අවසන් උනාට පස්සේ වෙන සිදූවීම් මාලාවක් තමයි මේ චිත්‍රපටයට පාදක වෙන්නේ. පලවෙනි එක බලපු අයට මතක ඇති චිටාවුරි හමුදාවක් පෘතුවිය ආක්‍රමණය කරන්න උත්සහ කරද්දි ජෙනරල් නික් ෆියුරි ඇවෙන්ජර්ස් ව්‍යාපෘතිය ආරම්භ කරලා අපේ වීරයෝ ටෝනි ස්ටාක් (අයන් මෑන් - Iron Man), ස්ටීව් රොජර්ස් (කැප්ටන් ඇමරිකා - Captain America) , බෘස් බැනර් (හල්ක් - HULK), නටාලියා රොමනොෆ් (බ්ලැක් විඩෝ - Black Widow) , හෑන්ක් පිම් (ජයන්ට් මෑන්/ඈන්ට් මෑන්), ජැනට් පිම් (වාස්ප්) ඒ වගේම තෝර් එක්ක කට්ටිය එකතු වෙලා ඒ ආක්‍රමණයෙන් ලෝකය බේරගෙන පෘථිවියේ ඉන්න බලවත්ම වීරයෝ එයාලා බව හැමෝටම ඔප්පු කරලා පෙන්නුවා. දැන් අපේ වීරයෝ විසිරිලා ගිහිල්ලා, කැප්ටන් ඇමරිකා, බ්ලැක් විඩෝ එක්ක හමුදා මෙහෙයුම්වලට සහභාගි උනාට එයාට ඕන තනියම වැඩ කරන්න, ටෝනිත් එයාගේ සමාගමේ වැඩ කටයුතු වල, තෝර් ආගිය අතක් නෑ. හෑන්ක් සහ ජැනට් ආපහු පිම් සමාගමේ අත්හදාබැලීම් කරනවා, එතකොට බෘස්, කලින් ෆිල්ම් එක බලපු අය දන්නවා චිටාවුරිලව පැරද්දුවට පස්සේ ඊළගට හල්ක්ව නවත්තන්න කට්ටිය දුන්න ගේම. හැමෝටම හල්ක් දුවන්න දුන්නනේ. තෝර්ගේ ස්ටෝම් බ්‍රේකර් එකත් උස්සන්න හල්ක්ට පුලුවන් උනා. අන්තිමට බෙටීගේ පිහිටෙන් යාන්තම් හල්ක්ව මෙල්ල කරගත්තා. ඉතින් බෘස් දැන් ඉන්නෙ හිර කරලා. පරිවාස භාරයක වගේ තමයි ඉන්නෙ. ඉතිං මේ චිටාවුරි තර්ජනය ඇත්තටම අවසන් උනාද ? මේ පිටිපස්සේ ඇත්තටම ඉන්නේ කවුද ? ඇවෙන්ජර්ස්ලට එකතු වෙන අලුත්ම සාමාජිකයා කවුද ? මේ පාර මොන වගේ තර්ජනයක් එයිද ?

ඒ ගැන දැන ගන්න මේක ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා. කොමික් වලට ආස අයනම් මේ ෆිල්ම් එක අත අරින්න එපා. ඇවෙන්ජර්ස් සජීවි චිත්‍රපටයේ දර්ශනවලට සමාන කොටස් ඔයාලට මෙක බලද්දි දකින්න ලැබෙයි.

Description credit : baisecope.lk

Initial release: August 8, 2006
Director: Will Meugniot
Distributed by: Lionsgate, Eagle Pictures, Lionsgate Home Entertainment
Adapted from: Ultimates

Description credit wikipedia

Watch Online | Online Player 👇

Download Buttons 👇


Ultimate avengers - 2 - Sinhala Dubbed [ සිංහ Action/Adventure 354MB 1920×1080 .mp4

Post a Comment

Enter You Comments
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.