PG-13 • 2h 58m • 2001
Certified Fresh : 91%
age 12+
Genre: Action, Fantasy, Drama
Release Date: December 19, 2001
Languages: English, Spanish
Captions: English, Spanish
Audio Format: 5.1
බල මුදුවක් නිසාවෙන් ලොව පුරා ප්රචලිත වූ හොබිට්වරුන් විසූ මිඩ්ල්-අර්ත් නමැති මනඃකල්පිත ලෝකය නිර්මාණය කරන්නේ J. R. R. ටොල්කීන් විසින්. ඔහු භාෂා පිලිබඳව ඔක්ස්ෆර්ඩ් ශාස්ත්රපතියෙක්. කුඩාකල ඉඳලම ඔහුට මවගෙන් ලැබෙන ආභාසය ඔස්සේ මනඃකල්පිත ලෝකයන්ට පිවිසි ඔහු තමන්ගේ ජිවිතයේ අත්දුටු සියලුම අත්දැකීම් සහ හැඟීම් කැටිකොට නිම කරපු දැවැන්ත නිර්මාණ ද්විත්වය තමයි අපි අද මෙලෙසින් විශිෂ්ඨ කෘති පෙළක් සහ සිනමාපට හයක් ලෙසින් අත් විඳින්නෙ.
කුඩා අවධියේ පියා මිය යාමත්, නව යොවුන් වියේදී මවගේ මියයාමත් සමග මේ ලෝකේ තනිවෙන ටොල්කීන්ට තනි නොතනියට ළඟ හිටියෙ ඔහුව හදා වඩාගත්ත නිවසේම සිටි තවත් අනාථ දැරියක් වූ ඊඩිත් සහ ඔහුගේ පාසල් ඔහුට සිටි මිත්ර සන්ධානයේ මිතුරන් තිදෙෙනා. පසු කලෙක ටොල්කීන්ට සිදුවෙනවා තම පෙම්බරිය ඊඩිත්ව හෝ ඔක්ස්ෆර්ඩ් යාම යන දෙකෙන් එකක් තෝරගන්න. බොහොම අමරුවෙන් ටොල්කීන් ඊඩිත්ව අත් හැරලා ඔක්ස්ෆර්ඩ් තෝරාගන්නව. මේ අතරවරයේ තමයි පළමු ලෝක සංග්රාමය එළබෙන්නේ. ඉතිං හැමෝම වගේ ටොල්කිනුත් පළමු ලෝක සංග්රාමයට එකතු වෙනවා. ඒ වෙනකොට ටොල්කීන් සහ ඊඩිත් දෙදෙනා නැවත එකතු වෙලා.
පළමු ලෝක යුධ සංග්&රාමයේ Battle of the Somme නමින් හැඳින්වෙන සටනේදී ඔහුගේ මිත්&ර සන්ධානයේ මිතුරන් දෙදෙනෙක්ව ඔහුට අහිමිවෙනවා. එහිදී දැඩිව ගිලන් වන ඔහුව නැවත එංගලන්තය බලා එවනව. ඒ අතරවාරයේ පළමු ලෝක යුධ සංග්රාමය නිමා වෙනවා. ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් භාෂාව පිළිබඳව තම උපාධිය ලබාගන්නා ඔහු එහිම මහාචර්යවරයෙකු ලෙසින් සේවයට එක් වෙනවා. ඒ විතරක් නෙමෙයි කාලයක පටන් තමන් සමග සිටි සොදුරු යුවතිය ඊඩිත්ව විවාහ කරගන්නවා.ඒ අතරවාරයේ තමයි ඔහුගේ සිතේ දිගු කාලයක් පුරාවට ගොඩ නැගෙමින් තිබුන මිඩ්ල් අර්ත් නමැති අපුර්ව ලෝකය තම සිතින් එලියට අරගන්න ඕන කියල ටොල්කීන්ට හිතෙන්නෙ. ලෝඩ් ඔෆ් ද රිංග්ස් පළමු සිනමාපටයෙහි එන, ටූක්, පිපින්, ෆ්රෝඩො සහ සෑම් විදියට තමන් පාසලේ මිත්ර සංධානය ජීවමාන කරන ඔහු හරි අපූරුවට තමන්ගේ පෙම්බරිය, ඊඩිත්වත් තමන්වත් ඔහුගේ මේ මනඃකල්පිතය තුල ජීවමාන කරවනව..
ලෝඩ් ඔෆ් ද රිංග්ස් පළමු සිනමාපටයේ එක්ස්ටෙන්ඩඩ් ( ටීවී එකේ ගිය සිංහලෙන් හඬකවපු එකේ මේ කොටස නැහැ මට මතක විදියට) පිටපතේ පැය 1 විනාඩි 8 තත්පර 50 පමණ ගිය තැන, පිපින්, ටූක්, ෆ්රෝඩො සහ සෑම් සමගින් ඇරගොන් කඳවුරු ලාගෙන ඉන්න අතරවාරයේ ඇරගොන් අඳුරු හිස් අවකාශය දිහා බලාගෙන එල්ව්ස් බසින් ගීයක් මුමුණනව. එය එල්ව්ස් බසින් Tinúviel Elvanui නම් වෙනවා. ඉතිං ඒ මොහොතේදී හෙමින් සැරේ ඔලුව උස්සලා බලන ෆ්රෝඩො ඇරගොන්ගෙන් අහනවා ඒ ගියෙන් කියවෙන යුවතිය කවුද කියල. (මනුෂ්යයෙක් වෙන ඇරගොන් පෙම් බදින්නෙත් අමරණීය අර්ල්ව්ස් ආර්යාවක් වෙන අර්වෙන්ට.) ඇරගොන් මෙන්න මෙහෙම උත්තර දෙනව.
ලූතියන් ආර්යාව ගැන. බෙරෙන් කියන මිනිසාට තමන්ගේ ආදරය පුද දුන් අමරණිය එල්ව්ස්-ආර්යාව.
ඊට පස්සේ ෆ්රෝඩො සහ ඇරගොන් අතර මෙහෙම දෙබසක් ඇතිවෙනවා.
ෆ්රෝඩො : ඇයට මොනවද උනේ ?
ඇරගොන් : ඇය මියගියා.
1971දි ඊඩිත් මිය යනවා, ඊට හරියටම වසර දෙකකට පසුව 1973දි ටොල්කීන් මිය යනව. ජිවිත කාලය පුරාවටම වගේ එකට පෙමින් හුන් ඊඩිත් සහ ටොල්කීන් දෙදෙනාම වෙනුවෙන් පොදු වූ සොහොන් ස්ථම්බයක් නිර්මාණය කරනවා ඔහුගේ දරුවන් විසින්. එහි මෙන්න මෙහෙම සඳහන් වෙනවා.
ඊඩිත් මේරි ටොල්කීන්.
ලූතියන්
1889 - 1971
ජෝන් රොනල්ඩ් රුවෙල් ටොල්කීන්.
බෙරෙන්
1892 - 1973
විස්තරය : වෙබ් අඩවියෙනි
1080P | 1.5 GB
Lord of the rings 1 : The Fellowship of the Ring Sinhala Dubbed
Action/Adventure
1.5GB
1920×1080
.mp4

